Breaking News
Loading...
" });

Media News

Tech News

Random Post

Recent Post

Thursday, November 19, 2015
no image

රිචී මැකව් රග්බි දිවියෙන් විශ්‍රාම ගැනීමේ තීරණයක



නවසීලන්තයට දෙවරක් ලෝක කුසලානය දිනා දුන් නායක රිචී මැකව් රග්බි දිවියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ. 
no image

මට මාව හොයා දුන්නේ ක්‍රීඩාව


දකුණු කොරියාවේ නිමාවූ ලෝක ආරක්ෂක ක්‍රීඩා උළෙලේ සිය ඔලිම්පික් බලාපොරොත්තුව තවත් දුරස් වුවද, ලබන සාග් තරගාවලිය පිළිබඳ නිමාලි ලියනාරච්චිට ඇත්තේ සුබවාදී දැක්මකි. පසුගිය ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 ඉසව්වේ ලෝකඩ පදක්කමද, ආසියානු ග්‍රොන් ෆ්‍රී තරගාවලියේ රන් පදක්කම් තුනක්ද දිනා ගත් නිමාලි 2015 සිල්ක් ක්‍රීඩා සම්මාන උළෙලේ වසරේ දක්ෂතම ආරක්ෂක අංශ ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. මේ නිමාලිගේ හඬයි.
නිමාලි අවසන් වරට ඉදිරිපත් වුණේ ලෝක ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියට?
ඔව්, ඒ තරගාවලියේ ලොකුම ටාගට් එක වුණේ ඔලිම්පික් පරිසාදන මට්ටමට ළඟා වෙන්න.
හැබැයි ඒ බලාපොරොත්තුව නිමාලිගෙන් තවත් දුරස් වුණා?
ඒ දවස්වල දකුණු කොරියාවේ හරිම සීතලයි. ඒවගේ තත්ත්වයක ටාගට්වලට යනවා තියා තරගයක් දිනා ගන්න එකත් අමාරුයි.
ලබන සාග් තරගාවලියට කලින් ජාතික මහා ක්‍රීඩා උළෙල මුණ ගැහෙනවා?
ඔව්, හැබැයි ජාතික මහා ක්‍රීඩා උළෙලේ වාර්තාවකට, ඔලිම්පික් පරිසාදන මට්ටම වගේ ටාගට්වලට යන්න බෑ.
නිමාලිට තරගයක් නැති නිසාද?
ඔව්. මට ඒ වගේ තරග කරන්න වෙලා තියෙන්නේ මගෙත් එක්කයි.
ලබන සාග් තරගාවලිය තියෙන්නේ ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ. එහෙත් සීතලයි?
ඔව්. මාසයකට කලින් පුහුණුවීම්වලට ඉන්දියාවට යන්න සැලසුම් කරලා තියෙන්නේ.
ඒ කාලය අතරතුර නුවරඑළිය ප්‍රදේශයේ පුහුණුවීමකට එක් වුණා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?
ඇත්තටම හොඳයි.
නිමාලි මේ අවුරුද්දේ මුලින්ම දිනා ගත්තේ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ ලෝකඩ පදක්කම?
ඔව්. ජාත්‍යන්තර වශයෙන් මම මේ අවුරුද්දේ මුලින්ම ගියෙත් ඒ තරගාවලියට.
නිමාලි කාලයක් තිස්සේම ආසියානු තරගාවලියේ පදක්කමක් ගැන හීන දැක්කා?
ඇත්තටම ඔව්. මම මේ ක්‍රීඩාවට යොමු වෙලා ගෙවිලා යන්නේ 11 වැනි අවුරුද්ද. මේ අවුරුදු 11 පුරාම තිබ්බෙත් ඒ බලාපොරොත්තුව කිව්වොත් හරි.
මීටර් 800 කියන්නේ ඇත්තටම නිමාලිගේ ඉසව්ව නෙවෙයි නේද?
ඔව්, මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තා 2008 දී මගේ නමට ලියා ගත්තේ. 2009 වෙනකොට පස් වතාවක් මම ඒක අලුත් කළා. ඔය කාලේ ඇතුළත ග්‍රැස්ට්‍රයිටීස් හැදිලා හුඟක් දුර්වල වුණා.
නිමාලි ඉසව්ව මාරු කළේ ඊට පස්සේද?
ඔව්, 2012 දී සුජිත් සර් තමයි කිව්වෙ අපි ඉසව්ව මාරු කරමු කියලා.
ඒක අවාසියක් වෙලා නෑ?
ඇත්තටම.
පසුගිය ජාත්‍යන්තර තරගවල නිමාලි ක්‍රීඩා ජීවිතයට එකතුකර ගත්ත දේවල් මොනවද?
පසුගිය තරගාවලිවල මට ලොකු ආත්ම විශ්වාසයක් ඇති වුණා. ආසියානු තරගාවලිය නිමා කළේ විනාඩි 2:03.94 කට. ශ්‍රී ලංකාව වාර්තාව අදටත් තියෙන්නේ 1992 ධම්මිකා මැණිකේ අක්කගේ විනාඩි 2:03.85 ට. ශ්‍රී ලංකා වාර්තාවට යන්න පුළුවන්, ඔලිම්පික් පරිසාදන මට්ටමට එන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය ඇති වුණා.
ඊට පස්සේ තිබ්බ ආසියානු ග්‍රොන් ෆ්‍රී තරගාවලියේ නිමාලි අදියර තුනේ රන් පදක්කම් තුනම දිනා ගත්තත්, පසු බැස්සා නේද?
ඔව්, තරගාවලි දෙකම එක ළඟ තිබුණේ. බස්වල එහේට මෙහේට ගිහිල්ලම මහන්සියි. ග්‍රවුන්ඩ්වල හුළං වැඩියි. මේවා ආසියානු ග්‍රොන් ෆ්‍රීවලට හුඟක් බලපෑවා.
ග්‍රොන් ෆ්‍රී තරගාවලියේ නිමාලි හිතපු තරම් තරගයක් තිබුණද?
නෑ. මේක තමයි මගේ ටයිමින්වලට බලපෑවේ.
නිමාලිගේ අද කාලයත් එක්ක ඔලිම්පික් පරිසාදන මට්ටම දන්නවා. කොහොමද හෙට
දවස ප්ලෑන් කර ගෙන ඉන්නේ?
ඔලිම්පික් පරිසාදන මට්ටම ඉල්ලන්නේ විනාඩි 02:01.00 ක කාලයක්. හොඳ තරග දෙක තුනක් ලැබුණොත් මට ලෙහෙසියෙන්ම මේ ඉලක්කයට යන්න පුළුවන් කියලා හිතනවා.
නිමාලිට හොඳ තරග 2 - 3 ක් ලැබුණොත් ඇති?
ඇත්තටම ඔව්.
පුහුණුවීම් කොහොමද?
අඩුපාඩු නැතුව නෙවෙයි. මම ඒවා මඟහරවා ගෙන තමයි වැඩ කරන්නේ.
ගුවන් හමුදාව පවුලක් විදියට එකතු වෙලා නිමාලිට උපරිම සහාය දක්වනවා?
ඔව්, වචනවලට පෙරළන්න බැරි තරම් ගුවන් හමුදාව මට උපරිම දේවල් කරලා දෙනවා.
නිමාලිගේ පවුලේ ?
තාත්තා ගොවිතැන් කළේ. හදිසි අනතුරකින් 2002 නැති වෙනවා. එතකොට මම ක්‍රීඩා කරන්නෙත් නෑ. 2004 දි මම ක්‍රීඩාවට යොමු වෙනවා. අම්මා තමයි තාත්තා නැතිවුණාට පස්සේ නංගියි, අයියලා දෙන්නගෙයි බර සම්පූර්ණයෙන්ම කරට ගත්තේ.
නිමාලි ක්‍රීඩා කළේ නැත්නම්?
ඒක හිතා ගන්නවත් බෑ. මොන විදියේ රැකියාවකට යයිද කියලවත්.
නිමාලිට ජීවිතයේ හීන තිබුණද?
එහෙම මහා ලොකු හීන තිබුණේ නෑ. ජොබ් එකක් වුණත් ලැබෙන එකක් කරනවා කියලා හිතුවා.
ක්‍රීඩිකාවක් වීම ගැන අද නිමාලිට මොකද හිතෙන්නේ?
ගොඩක් සතුටු වෙනවා.
ඒ කියන්නේ නිමාලිට, නිමාලිව හොයලා දුන්නේ ක්‍රීඩාව?
ඒක බොරුවක් නෙවෙයි. මේ ගමන පිටිපස්සේ එදා 2004 ඉඳලම හිටියේ සුජිත් සර්. ඒ දවස්වල මට කොළඹින් ගොඩක් ආරාධනා ලැබුණා. මම ඒවා පිටිපස්සේ ගියෙත් නෑ.
මම මුල අමතක කරපු නැති නිසා අද මෙතැන ඉන්නවා කියලා හිතනවා. මගේ පුහුණුකරු ගුවන් හමුදාව වගේම මාව වචනයකින් හරි දිරිමත් කරන අයත් ආදරයෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා
no image

දියවැඩියාවෙන් තොර ශ්‍රී ලංකාවකට ජාතික වැඩසටහනක්



දියවැඩියාවෙන් තොර ජනතාවක් බිහි කිරීම සිය සංගමයේ මූලික අරමුණ බව ශ්‍රී ලංකා දියවැඩියා සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙහි සභාපති විශේෂඥ වෛද්‍ය උදිත බුලුගහපිටිය මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ඇරඹුණු “දියවැඩියාවෙන් තොර ශ්‍රී ලංකාවක්” ජාතික වැඩසටහන යටතේ රටේ ජනතාව හා අනාගත පරම්පරාව දියවැඩියාවට ගොදුරු වීමෙන් වළක්වා ගැනීම අරමුණු කොටගත් වැඩසටහන් රැසක් දියත් කර ඇතැයි ද සභාපතිවරයා පවසයි.
දියවැඩියාව සහ ‍‍හෝර්මෝන ආශ්‍රිත රෝග වළක්වා ගැනීම සහ පාලනය සඳහා අවශ්‍ය නව දැනුම, ප්‍රතිකාර ක්‍රම හා සහයෝගය ලබා දීමට වෛද්‍යවරුන්, හෙද හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරීම, බලගැන්වීම සහ තාක්ෂණික සහයෝගය ලබාදීම සංගමයෙන් ඉටු කැරේ.
රටේ සෑම දියවැඩියා රෝගියකුට ම සමාන මට්ටමේ උසස් හා ගුණාත්මක ඖෂධ හා සේවා ලබා ගැනීමට අවකාශ සලසා දීමට සංගමය කටයුතු කරයි.
ගතවන සෑම තත්පරයක් පාසාම ලොව කොතැනක හෝ දියවැඩියාව හේතුවෙන් පුද්ගලයකු මරණයට පත්වේ. 2014 වසරේදී ලෝකය පුරා දියවැඩියාවෙන් මරණයට පත්වූ සංඛ්‍යාව මිලියන 4.9කි.
අපේ රටේ වත්මන් ජනගහනයෙන් වයස අවුරුදු 50ට ඉහළ පුද්ගලයන්ගෙන් හරි අඩකට වඩා දියවැඩියාවෙන් පෙළෙති. ළමයින් දියවැඩියාවට ගොදුරු වීමේ අවදානම ශීඝ්‍රයෙන් ඉහළ යයි. පළමු ගණයේ දියවැඩියාවට ගොදුරු වූ ළමයින් සංඛ්‍යාව 200 ඉක්මවයි. මේ අනුව ළමා පරපුර හා ජනතාව දියවැඩියාවට ගොදුරු වීමේ අවදානම වළක්වා ගැනීම සඳහා කඩිනම් ජාතික වැඩසටහනක් දියත් කරන ලද අතර එය සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ආහාර හා පෝෂණ අමාත්‍යාංශය හා පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඇතුළු අදාළ අමාත්‍යාංශ සියල්ලෙහිම සහභාගීත්වයෙන් ක්‍රියාවට නැංවෙයි.
ඉකුත් 14 වැනිදාට යෙදුණු ලෝක දියවැඩියා දිනය සමරමින් ඊයේ (14) කොළඹදී ජනාධිපතිතුමාගේ හා සෞඛ්‍ය ඇමැතිවරය‍ාගේ ප්‍රධානත්වයෙන් දියවැඩියාව වැළැක්වීමේ පාගමනක් පැවැත්විණි. ඊට සමගාමීව දෙස් විදෙස් විශේෂඥ හා ප්‍රවීණ වෛද්‍යවරුන් 600කට අධික පිරිසක සහභාගීත්වයෙන් යුතු අන්තර්ජාතික දියවැඩියා සම්මන්ත්‍රණයක් ද පැවැත්විණි.
ළමා වියේ සිටම අධික සීනි, පිටි, තෙල් සහ ලුණු අධික ආහාර පරි‍භෝජනයෙන් වැළකී සිටීමට ළමා පරපුර දැනුවත් කිරීම හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට දරුවන් යොමු කිරීමේ අරමුණ ඇතිව දීප ව්‍යාප්ත පාසල් චිත්‍ර රචනා සහ පෝස්ටර් තරගයක් පැවැත්වීමට සංගමය කටයුතු යොදා තිබේ. එය නොවැම්බර් මස 21වැනිදා ඇරැඹීමට නියමිතය.
2016 ජනවාරි මාසයේ පටන් දිවයිනේ සෑම පර්යන්ත හා ග්‍රාමීය රෝහල්වලින් 60%ක්ම දියවැඩියා රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර, රුධිර පරීක්ෂණ සහ උපදේශන සේවා ලබා ගත හැකි දියවැඩියා සුවතා ඒකක පහසුකම් සපයා දීමට ද සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කරයි. වසර 2019 වන විට දිවයිනේ පවතින රෝහල් 1100 සඳහා ම දියවැඩියා රෝගීන් සඳහා සුවතා ඒකක පිහිටුවීම සංගමයේ ඉලක්කය වී තිබේ. රටේ සෑම දියවැඩියා රෝගියකුටම සමාන මට්ටමේ ප්‍රතිකාර සහ සේවාවක් ලබා දීම මෙහි අරමුණ බව වෛද්‍ය බුලුගහපිටිය මහතා පවසයි.
“ශ්‍රී ලංකා දියවැඩියා මව් සංගමය යටතේ දියත් කැරෙන දියවැඩියාවෙන් තොර ශ්‍රී ලංකාවක්” නම් වූ ජාතික වැඩසටහනට සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, ආහාර හා පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඇතුළු අදාළ අමාත්‍යාංශ සියල්ලෙහි සහාය ලබාගැනේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දියවැඩියාව හා අන්තරාසර්ග ‍රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා පවසන පරිදි මෑතදී කොළඹ ජාතික රෝහල සහ රාගම රෝහල් මඟින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව නාගරික ජනගහන‍ෙයන් 20%ක් දියවැඩියාවට ගොදුරු වී සිටිති. මෙරට දියවැඩියාව පිළිබඳ දීපව්‍යාප්ත සමීක්ෂණයක් අවසන් වරට සිදු කර ඇත්තේ වසර 2006 දීය. එම සමීක්ෂණයට අනුව නාගරික ජනතාවගෙන් 40%ක් දියවැඩියාවට ගොදුරුව සිටි අතර මේ වන විට ඒ තත්ත්වය දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි ඔහු පවසයි.
දියවැඩියාවට ප්‍රධාන වශයෙන් ම බලපාන්නේ අධික ලෙස සීනි පරිභෝජනයයි. පැණි බීම, පැණිරස කෑම, පිෂ්ඨය තෙල් සහ සීනි අධික ක්ෂණික ආහාර බහුලව ගැනීම, සමබර ආහාරවේලක් නොගැනීම, ව්‍යායාම වලින් තොර වීම, අධික මානසික වෙහෙස (stress) යන කරුණු ද ඊට හේතු වී තිබේ.
ලංකාවේ සාමාන්‍ය වැඩිහිටියෙක් වසරක් තුළ සීනි ක‍ිලෝ 30ක් පරිභෝජනය කරයි. මෙය සාමාන්‍යයෙන් සීනි ලබා ගත යුතු ප්‍රමාණයට වඩා ඉතා විශාල අගයකි. සීනි හෙවත් සුක්රෝස්වලින් කැලරි හැරුණු විට මිනිස් සිරුරට අවශ්‍ය වෙනත් කිසිදු පෝෂ්‍ය පදාර්ථයක් නොලැබේ. අධික ලෙස සීනි භාවිතය මිනිස් සිරුරේ සෑම අවයවයකටම අහිතකර ලෙස බලපායි.
මොළයේ නිපදවෙන ‍ඩෝපමීන් රසායනය මඟින් සීනිවලට ඇබ්බැහි වීමක් ඇති කෙරෙයි. එහෙයින් අධික ලෙස සීනි හෝ පිටි සහිත ආහාර ගන්නා ළමයි මෙන් ම වැඩිහිටියෝ ද දියවැඩියාවට පහසුවෙන් ගොදුරු වෙති.
ළමා කාලයේ අධි බරින් යුතු ළමයි, බෙල්ල වටා කළු පැහැ ගැන්වුණු සහ උදරය විශාල වූ ළමයි ඉක්මනින් ම දියවැඩියාවට ගොදුරු වෙති.
හෘදයාබාධ සඳහා බලපාන මූලික හේතුවක් වන්නේ දියවැඩියාවය. පාලනය නොකළ දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ රුධිරගත කොලොස්ටරෝල් ප්‍රමාණය වැඩි වීම් හෘදයාබාධවලට හේතු වේ. දියවැඩියාව, ගර්භාෂ පිළිකා, පියයුරු පිළිකා, පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා හා බඩවැල් ආශ්‍රිත පිළිකාවලට ද ප්‍රධාන හේතුවකි. ස්ථුලතාවය මේ රෝග සියල්ලෙහි පූර්ව ලක්ෂණයකි. සීනි පැණිරස වුවද එහි ප්‍රථිඵල පැණිරස නොවේ. ඉහත සඳහන් මාරක රෝග සියල්ලෙන් වැළකී සිටීමට ඇති හොඳම පිළියම සීනි භාවිතයෙන් වැළකී සිටීමයි. නැතිනම් සීනි භාවිතය හැකි තාක් අඩු කිරීමය. ලංකාවේ ජනතාව අධික ලෙස සීනි පරිභෝජනයෙන් වළක්වාලීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා ඇතැයි ද වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද පවසයි.
සංග්‍රහ ප්‍රියසාද මෙන් ම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල තේ පානයේදී සීනි නොදමා අවශ්‍යතාව අනුව භාවිතා කළ හැකි පරිදි සීනි වෙනම පිළිගන්වන ලෙස වෛද්‍යවරු උපදෙස් දෙති. පැණි බීම වෙනුවට තිබහට හැම විටම දරුවන්ට පිරිසුදු වතුර බොන්නට හුරු කරන්න. සමබල ආහාර වේලක් මෙන් ම හැකි හැමවිටම නිවසේ පිළියෙළ කරගත් ආහාර පමණක් ළමයින්ට ලබා දෙන්න. ළමයින් දිනකට අවම වශයෙන් පැය එකක්වත් එළිමහනේ ක්‍රීඩා කළ යුතුය. ක්‍රීඩා කණ්ඩායම් ක්‍රීඩා කරන්නේ නම් වඩා සුදුසුය. වැඩිහිටියන් ඇවිදීම වැනි ව්‍යායාමයක විනාඩි 30වත් යෙදිය යුතුය.
දුම්වැටි මත්වතුර භාවිතය හෝ වෙනත් අහිතකර පුරුදුවලින් තොරවීම මෙන් ම ආතතිය පාලනය කරගැනීමෙන් දියවැඩියාවෙන් වැළකිය හැකි බවද වෛද්‍ය කටුුලන්ද පවසයි. ඉහත යෝජනා අනුගමනය කිරීම පිළිබඳ උපදෙස් සහිත චක්‍රලේඛ රජයේ ආයතන හා පාසල් වෙත යවන මෙන් සංගමය ජනාධිපතිතුමා සහ සෞඛ්‍ය ඇමැතිවරයා වෙත යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇතැයිද ඒ මහතා පවසයි.
“දියවැඩියාවෙන් තොර ශ්‍රී ලංකාවක්’ ගොඩනැඟීමේ ජාතික වැඩසටහනේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු‍ෙය් කොළඹ ජාතික රෝහලේ දියවැඩියාව හා අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නොයෙල් සෝමසුන්දරම් මහතාය. සිය වැඩසටහන හා මෙරට දියවැඩියා රෝගයේ වත්මන් තත්ත්වය පිළිබඳ ඒ මහතා සිළුමිණට මෙසේ අදහස් දැක්වීය.
“කොළඹ මහ රෝහලේ දියවැඩියා සායනයෙහි දිනකට රෝගීන් 400 ක් පමණ ප්‍රථිකාර ලබා ගන්නවා. කොළඹ හා තදාසන්න නාගරික ජනතාව අතරින් 20%ක් දියවැඩියාවෙන් පෙළෙනවා. 40%ක් අධික රුධිර පීඩනයෙන් පෙළෙන අතර 40%ක් රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික රෝගීන්. 20%කට මේ රෝග තුනම තිබෙනවා. මෙම රෝගීන්ගෙන් 40%ක් පමණ තමාට දියවැඩියාව ඇති බව දැන සිටියේ නෑ. වෙනත් රෝග සඳහා රුධිර පරීක්ෂාවක් කරගත් විටයි ඔවුන් දියවැඩියාවෙන් පෙළෙන බව හඳුනා ගන්නේ.
දියවැඩියාව මුල් අවධියේ දී හඳුනාගෙන නිසි ලෙස බේත් ලබාගෙන, මනා ලෙස ආහාර පාලනය කරමින්, ව්‍යායාම සහිත දිවියක් ගත කළහොත් සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් දිගු කලක් වෙසෙන්නට පුළුවන්. රෝගය පාලනය නොකිරීමෙන් හෘදයාබාධ, පිළිකා, වකුගඩු රෝග, ඇස් අන්ධවීම මෙන් ම පාද කපා අයින් කිරීම වැනි බරපතළ සංකූලතා ඇති විය හැකිය. දියවැඩියාව හේතුවෙන් මොළයට සැපයෙන රුධිර නාලවල අවහිරතා ඇති වී අංශභාගය හෙවත් ආඝාතයට ගොදුරු වෙන්නට පුළුවන්. අක්මාවේ තෙල් තැන්පත් වීමට ද මෙය හේතු වන අතර පසු කලක එවැනි රෝගීන් සිරෝසිස් රෝගයට ගොදුරු වීමට ඉඩක් තිබෙනවා. ප්‍රතිකාර රුධිර පරීක්ෂණ හා උපදෙස් ලබා ගැනීමේ පහසුකම් සහිත දියවැඩියා සුවතා මධ්‍යස්ථානයක් ඇති කිරීමටත් දියවැඩියාවෙන් තොර “සුව ගම්මාන” රට පුරා ඇති කිරීමත් අපගේ මූලික අභිප්‍රායයි.
පාසල් දරුවන් හා රටේ යොවුන් පරපුර දියවැඩියාවෙන් වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න පාසල් තේරීමේ දීප ව්‍යාප්ත තරගයක් පැවැත්වීමට කටයුතු කරනවා. ඒ අනුව පාසල් සෞඛ්‍ය කව ශක්තිමත් කර පාසල් දරුවන් දියවැඩියාව හා අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් අධිකවීම, ස්ථුලතාව, මානසික ආතතිය ඇඳුම හා පිළිකා වැනි බෝ නොවෙන රෝගවලට ගොදුරු වීමේ අවදානම අවම කිරීමට අපි කටයුතු කරනවා. මේ සඳහා සෑම දිස්ත්‍රික්කයකම පාසල් ගුරුවරුන් දෙමව්පියන් හා දරුවන්ට විශේෂ පුහුණු වැඩසටහනක් 2016 වසරේදී ආරම්භ කරනවා. දියවැඩියාවෙන් පෙළෙන දරුවන්ට තමාගේ සෞඛ්‍ය යහපත් තත්ත්වයෙන් පවත්වාගෙන යන්නට අවශ්‍ය උපදෙස් හා පුහුණුව ලබා දීම සඳහා විශේෂ දියවැඩියා කඳවුරු දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
දියවැඩියාවෙන් පෙළෙන සෑම ළමයකුට ම රුධිරගත සීනි ප්‍රමාණය මැන බැලීමේ ග්ලූකෝ මීටරයක් නොමිලේ ලබා දීමට කටයුතු යොදනවා. ඉන්සියුලින් එන්නත් කළ යුතු ළමයින්ට ඒවා තනිව විද ගැනීමට පුහුණුව මෙන් ම අහිතකර ආහාර තෝරා බේරා ගෙන සුදුසු ආහාර රටාවකට යොමු වීමේ ක්‍රමවේද ඔවුන්ට කියා දීමටත් අප සූදානම්. මෙම කඳවුරු මාලාවේ ප්‍රථම කඳවුර 2016 පෙබරවාරි මාසයේ බදුල්ලේදීත් දෙවැන්න 2016 මාර්තු මාසයේ දී යාපනයේදීත් පැවැත්වෙනවා.
දියවැඩියාවෙන් තොර ජාතියක් බිහි කිරීම අරමුණු කොටගත් සෞඛ්‍යදායී ආහාර වට්ටෝරු තරගයක් දීප ව්‍යාප්තව පවත්වනවා. මෙම තරගය සියලුම සූපවේදීන් සඳහා විවෘත වන අතර ජයග්‍රාහක වට්ටෝරු ජාතික මට්ටමින් ජනතාවට නිර්දේශ කිරීම සඳහා කටයුතු යොදා තිබෙනවා.
අනාගත පරම්පරාව දියවැඩියාවෙන් බේරා ගැනීමට මෙවැනි ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක නොකළහොත් මුළු මහත් ජාතියම රෝගීන් බවට පත්වෙනු ඇත. රජය වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල මොනතරම් උත්සාහ දැරුවත් මෙම වැඩසටහන්වල සාර්ථකත්වය රඳා පවතින්නේ ඊට ලැබෙන ජනතා සහයෝගය මතයි. තමන් ගේ සෞඛ්‍ය රැක ගන්නට නොමිලේ ලබා දෙන ‍මේ අවස්ථාවන් සහ සේවාවන් තුළින් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ලෙස අප සංගමය ඉල්ලා සිටිනවා.
no image

අපේ ගම එදා සහ අද


අපේ ගමේ එදා තිබූ සුන්ද­ර­ත්වය වෙන කොහේ­වත් නැතැයි මම සිතමි. ගම වටා ඇති කඳු වළල්ල ගම ආරක්ෂා කරන පවු­රක් සේ ය. වෙල්යාය මැදින් ගලා බසින ඇළ අපේ ගතට සිසි­ල­සක් ගෙන දෙයි. වෙල් යායේ ඈතින් ඇසෙන බට­නළා ශබ්දය අපේ සව­නට මිහි­රක් ගෙන දේ. වෙල් යායේ කෙළි සෙල්ලම් කරන ළමයි වහු පැට­වුන් පසු­පස ලුහු බඳිති. වක්ක­ඩෙන් අනෙක් කුඹු­රට ව‍ැටෙන වතුර කිරි සුදු පෙණ කැටි වැනි ය‍.
ගමට තිබූ එකම කඩ­ම­ණ්ඩිය පිහි­ටියේ ගමේ කෙළ­වරේ ය. එදා අපේ ගමේ පරි­සර දූෂ­ණය දකි­න්නට නොව අස­න්න­ට­වත් නොලැ­බිණි. ඒ මන්ද වාහන ලෙස තිබුණේ පා පැදි සහ කරත්ත පමණි. එදා අ‍පේ ගම්මුන් අතර මත්වතුරට ඇල්මක් නොති­බුණි. පුර පස­ළො­ස්වක පොහො­යට ගඟට වැටී ඇති හඳ එළිය පරි­ස­රයේ අඳුර පලවා හරියි. ගස් කොළ­න්ව­ලින් පිරී ඇති පරි­ස­රය දැකීම නෙතට ප්‍රිය දසු­නකි. අඹ, කොස්, දෙල්, පොල් සහ උණ පඳු­රු­ව­ලින් පිරුණු අපේ ගම අපට දිව්‍ය විම­නක් බඳු ය. එයින් ලැබෙන පල ප්‍රයෝ­ජ­නය ද ඉතා විශාල ය. එදා වේල පිරි­මසා ගැනී­මට අපට ගමේ පරි­ස­ර­යෙන් ලැබුණු ආහාර පාන ඉතා ගුණ­දා­යක විය. වස විස නැති ආහාර අපට එදා ගමෙන් සොයා ගැනී­මට හැකි විය. එදා ගමේ තිබුණු දුඹුරු පාට බොරලු පාර ගමට චාම් බවක් ගෙන ‍දීමට සමත් විය. මහ පාන්දර ඇසෙන කුරුලු ගීත ගමට සිරි­කත කැන්දයි. එයින් මගේ සිත මිහි­ර­කින් පිරී යයි. එහෙත් අද එහි සුන්ද­ර­ත්වය කෙමෙන් ‍අඩු වී ගෙන යයි.
අද ගමේ සුන්ද­ර­ත්ව­යක් නැති තරම් ය. කඳු වෙනු­වට තාප්ප අද ගමේ දැකිය හැකි ය. වෙල් යාය ගොඩ­කර ගෙවල් සහ මාර්ග තැනූ නිසා වර්ෂාව වැඩි කලට ඇළේ වතු­රෙන් ගම ‍උතුරයි. ළම­යින්ට සෙල්ලම් කිරී­මට තිබ‍ූ වෙලෙහි කමත දැන් වාහන පිරුණු මාර්ග­යයි. අද අපේ ගමේ කඩ­මණ්ඩි සැම තැනම පිරී ඇත. ගැමි ගෙවල් වෙනු­වට තට්ටු නිවාස දැකිය හැකි ය. අද ගමේ ගස් වෙනු­වට වේළී ගිය වල් ගස් දැකිය හැකි ය. එදා ගමේ තිබූ බොරලු පාර දැන් තාර මහ පාරකි. අපට දැන් කුරුලු ගීත කිසි­වක් නොඇසේ. ඒ කුරු­ල්ලන් කූඩු­වල ඇති කරන නිසා ය. එදා අපේ ගම අද ගමට වඩා කෙත­රම් මන­රම් ද?
අපි අපේ ගම යළි සුන්ද­ර­ත්ව­යෙන් ඔප කර­න්නට උත්සාහ කරමු.
විහඟ සුල­ක්ෂණ
6 ‍‍ශ්‍රේණිය,
ගුරු­ගෙ­දර,
සපු­ග­ස්කන්ද
Back To Top