අපේ ගම එදා සහ අද

ගමට තිබූ එකම කඩමණ්ඩිය පිහිටියේ ගමේ කෙළවරේ ය. එදා අපේ ගමේ පරිසර දූෂණය දකින්නට නොව අසන්නටවත් නොලැබිණි. ඒ මන්ද වාහන ලෙස තිබුණේ පා පැදි සහ කරත්ත පමණි. එදා අපේ ගම්මුන් අතර මත්වතුරට ඇල්මක් නොතිබුණි. පුර පසළොස්වක පොහොයට ගඟට වැටී ඇති හඳ එළිය පරිසරයේ අඳුර පලවා හරියි. ගස් කොළන්වලින් පිරී ඇති පරිසරය දැකීම නෙතට ප්‍රිය දසුනකි. අඹ, කොස්, දෙල්, පොල් සහ උණ පඳුරුවලින් පිරුණු අපේ ගම අපට දිව්‍ය විමනක් බඳු ය. එයින් ලැබෙන පල ප්‍රයෝජනය ද ඉතා විශාල ය. එදා වේල පිරිමසා ගැනීමට අපට ගමේ පරිසරයෙන් ලැබුණු ආහාර පාන ඉතා ගුණදායක විය. වස විස නැති ආහාර අපට එදා ගමෙන් සොයා ගැනීමට හැකි විය. එදා ගමේ තිබුණු දුඹුරු පාට බොරලු පාර ගමට චාම් බවක් ගෙන දීමට සමත් විය. මහ පාන්දර ඇසෙන කුරුලු ගීත ගමට සිරිකත කැන්දයි. එයින් මගේ සිත මිහිරකින් පිරී යයි. එහෙත් අද එහි සුන්දරත්වය කෙමෙන් අඩු වී ගෙන යයි.
අද ගමේ සුන්දරත්වයක් නැති තරම් ය. කඳු වෙනුවට තාප්ප අද ගමේ දැකිය හැකි ය. වෙල් යාය ගොඩකර ගෙවල් සහ මාර්ග තැනූ නිසා වර්ෂාව වැඩි කලට ඇළේ වතුරෙන් ගම උතුරයි. ළමයින්ට සෙල්ලම් කිරීමට තිබූ වෙලෙහි කමත දැන් වාහන පිරුණු මාර්ගයයි. අද අපේ ගමේ කඩමණ්ඩි සැම තැනම පිරී ඇත. ගැමි ගෙවල් වෙනුවට තට්ටු නිවාස දැකිය හැකි ය. අද ගමේ ගස් වෙනුවට වේළී ගිය වල් ගස් දැකිය හැකි ය. එදා ගමේ තිබූ බොරලු පාර දැන් තාර මහ පාරකි. අපට දැන් කුරුලු ගීත කිසිවක් නොඇසේ. ඒ කුරුල්ලන් කූඩුවල ඇති කරන නිසා ය. එදා අපේ ගම අද ගමට වඩා කෙතරම් මනරම් ද?
අපි අපේ ගම යළි සුන්දරත්වයෙන් ඔප කරන්නට උත්සාහ කරමු.
අපි අපේ ගම යළි සුන්දරත්වයෙන් ඔප කරන්නට උත්සාහ කරමු.
විහඟ සුලක්ෂණ
6 ශ්‍රේණිය,
ගුරුගෙදර,
සපුගස්කන්ද
6 ශ්‍රේණිය,
ගුරුගෙදර,
සපුගස්කන්ද
0 comments :
Post a Comment