මට මාව හොයා දුන්නේ ක්‍රීඩාව
දකුණු කොරියාවේ නිමාවූ ලෝක ආරක්ෂක ක්‍රීඩා උළෙලේ සිය ඔලිම්පික් බලාපොරොත්තුව තවත් දුරස් වුවද, ලබන සාග් තරගාවලිය පිළිබඳ නිමාලි ලියනාරච්චිට ඇත්තේ සුබවාදී දැක්මකි. පසුගිය ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 ඉසව්වේ ලෝකඩ පදක්කමද, ආසියානු ග්‍රොන් ෆ්‍රී තරගාවලියේ රන් පදක්කම් තුනක්ද දිනා ගත් නිමාලි 2015 සිල්ක් ක්‍රීඩා සම්මාන උළෙලේ වසරේ දක්ෂතම ආරක්ෂක අංශ ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. මේ නිමාලිගේ හඬයි.

ඔව්, ඒ තරගාවලියේ ලොකුම ටාගට් එක වුණේ ඔලිම්පික් පරිසාදන මට්ටමට ළඟා වෙන්න.
හැබැයි ඒ බලාපොරොත්තුව නිමාලිගෙන් තවත් දුරස් වුණා?
ඒ දවස්වල දකුණු කොරියාවේ හරිම සීතලයි. ඒවගේ තත්ත්වයක ටාගට්වලට යනවා තියා තරගයක් දිනා ගන්න එකත් අමාරුයි.
ලබන සාග් තරගාවලියට කලින් ජාතික මහා ක්‍රීඩා උළෙල මුණ ගැහෙනවා?
ඔව්, හැබැයි ජාතික මහා ක්‍රීඩා උළෙලේ වාර්තාවකට, ඔලිම්පික් පරිසාදන මට්ටම වගේ ටාගට්වලට යන්න බෑ.
නිමාලිට තරගයක් නැති නිසාද?
ඔව්. මට ඒ වගේ තරග කරන්න වෙලා තියෙන්නේ මගෙත් එක්කයි.
ලබන සාග් තරගාවලිය තියෙන්නේ ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ. එහෙත් සීතලයි?
ඔව්. මාසයකට කලින් පුහුණුවීම්වලට ඉන්දියාවට යන්න සැලසුම් කරලා තියෙන්නේ.
ඒ කාලය අතරතුර නුවරඑළිය ප්‍රදේශයේ පුහුණුවීමකට එක් වුණා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?
ඇත්තටම හොඳයි.
නිමාලි මේ අවුරුද්දේ මුලින්ම දිනා ගත්තේ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ ලෝකඩ පදක්කම?
ඔව්. ජාත්‍යන්තර වශයෙන් මම මේ අවුරුද්දේ මුලින්ම ගියෙත් ඒ තරගාවලියට.
නිමාලි කාලයක් තිස්සේම ආසියානු තරගාවලියේ පදක්කමක් ගැන හීන දැක්කා?
ඇත්තටම ඔව්. මම මේ ක්‍රීඩාවට යොමු වෙලා ගෙවිලා යන්නේ 11 වැනි අවුරුද්ද. මේ අවුරුදු 11 පුරාම තිබ්බෙත් ඒ බලාපොරොත්තුව කිව්වොත් හරි.
මීටර් 800 කියන්නේ ඇත්තටම නිමාලිගේ ඉසව්ව නෙවෙයි නේද?
ඔව්, මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තා 2008 දී මගේ නමට ලියා ගත්තේ. 2009 වෙනකොට පස් වතාවක් මම ඒක අලුත් කළා. ඔය කාලේ ඇතුළත ග්‍රැස්ට්‍රයිටීස් හැදිලා හුඟක් දුර්වල වුණා.
නිමාලි ඉසව්ව මාරු කළේ ඊට පස්සේද?

ඒක අවාසියක් වෙලා නෑ?
ඇත්තටම.
පසුගිය ජාත්‍යන්තර තරගවල නිමාලි ක්‍රීඩා ජීවිතයට එකතුකර ගත්ත දේවල් මොනවද?
පසුගිය තරගාවලිවල මට ලොකු ආත්ම විශ්වාසයක් ඇති වුණා. ආසියානු තරගාවලිය නිමා කළේ විනාඩි 2:03.94 කට. ශ්‍රී ලංකාව වාර්තාව අදටත් තියෙන්නේ 1992 ධම්මිකා මැණිකේ අක්කගේ විනාඩි 2:03.85 ට. ශ්‍රී ලංකා වාර්තාවට යන්න පුළුවන්, ඔලිම්පික් පරිසාදන මට්ටමට එන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය ඇති වුණා.
ඊට පස්සේ තිබ්බ ආසියානු ග්‍රොන් ෆ්‍රී තරගාවලියේ නිමාලි අදියර තුනේ රන් පදක්කම් තුනම දිනා ගත්තත්, පසු බැස්සා නේද?
ඔව්, තරගාවලි දෙකම එක ළඟ තිබුණේ. බස්වල එහේට මෙහේට ගිහිල්ලම මහන්සියි. ග්‍රවුන්ඩ්වල හුළං වැඩියි. මේවා ආසියානු ග්‍රොන් ෆ්‍රීවලට හුඟක් බලපෑවා.
ග්‍රොන් ෆ්‍රී තරගාවලියේ නිමාලි හිතපු තරම් තරගයක් තිබුණද?
නෑ. මේක තමයි මගේ ටයිමින්වලට බලපෑවේ.
නිමාලිගේ අද කාලයත් එක්ක ඔලිම්පික් පරිසාදන මට්ටම දන්නවා. කොහොමද හෙට
දවස ප්ලෑන් කර ගෙන ඉන්නේ?
ඔලිම්පික් පරිසාදන මට්ටම ඉල්ලන්නේ විනාඩි 02:01.00 ක කාලයක්. හොඳ තරග දෙක තුනක් ලැබුණොත් මට ලෙහෙසියෙන්ම මේ ඉලක්කයට යන්න පුළුවන් කියලා හිතනවා.
නිමාලිට හොඳ තරග 2 - 3 ක් ලැබුණොත් ඇති?
ඇත්තටම ඔව්.
පුහුණුවීම් කොහොමද?
අඩුපාඩු නැතුව නෙවෙයි. මම ඒවා මඟහරවා ගෙන තමයි වැඩ කරන්නේ.
ගුවන් හමුදාව පවුලක් විදියට එකතු වෙලා නිමාලිට උපරිම සහාය දක්වනවා?
ඔව්, වචනවලට පෙරළන්න බැරි තරම් ගුවන් හමුදාව මට උපරිම දේවල් කරලා දෙනවා.
නිමාලිගේ පවුලේ ?
තාත්තා ගොවිතැන් කළේ. හදිසි අනතුරකින් 2002 නැති වෙනවා. එතකොට මම ක්‍රීඩා කරන්නෙත් නෑ. 2004 දි මම ක්‍රීඩාවට යොමු වෙනවා. අම්මා තමයි තාත්තා නැතිවුණාට පස්සේ නංගියි, අයියලා දෙන්නගෙයි බර සම්පූර්ණයෙන්ම කරට ගත්තේ.

ඒක හිතා ගන්නවත් බෑ. මොන විදියේ රැකියාවකට යයිද කියලවත්.
නිමාලිට ජීවිතයේ හීන තිබුණද?
එහෙම මහා ලොකු හීන තිබුණේ නෑ. ජොබ් එකක් වුණත් ලැබෙන එකක් කරනවා කියලා හිතුවා.
ක්‍රීඩිකාවක් වීම ගැන අද නිමාලිට මොකද හිතෙන්නේ?
ගොඩක් සතුටු වෙනවා.
ඒ කියන්නේ නිමාලිට, නිමාලිව හොයලා දුන්නේ ක්‍රීඩාව?
ඒක බොරුවක් නෙවෙයි. මේ ගමන පිටිපස්සේ එදා 2004 ඉඳලම හිටියේ සුජිත් සර්. ඒ දවස්වල මට කොළඹින් ගොඩක් ආරාධනා ලැබුණා. මම ඒවා පිටිපස්සේ ගියෙත් නෑ.
මම මුල අමතක කරපු නැති නිසා අද මෙතැන ඉන්නවා කියලා හිතනවා. මගේ පුහුණුකරු ගුවන් හමුදාව වගේම මාව වචනයකින් හරි දිරිමත් කරන අයත් ආදරයෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා
good article
ReplyDelete